විශේෂාංග

බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින්ගේ සංසදය විසින් සංවිධාන කරන ලද හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව සම්මාන දිනා ගෙන තිබෙනවා.

ඒ Pekoe Trail නැමති ඇවිදීමේ මාර්ගයට බවයි සඳහන්වන්නේ.

අදාල සම්මානය ඊයේ(05) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත පිරිනමා ඇති අතර සංචාරක ලේඛකයන්ගේ බ්‍රිතාන්‍ය සංසදය විසින් අවසන් මහා තරඟයට නම් කරන ලද රටවල් පහ අතරින් ශ්‍රී ලංකාවේ Pekoe Trail ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.

Pekoe Trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300ක කඳු නැගීමේ මාර්ගයක්වන අතර එය ආසියාවේ හොදම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකෙනවා.

Pekoe Trail මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භවී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරන අතර ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන්වනවා.

මෙම මාර්ග බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කර ඇති අතර , මෙම මාර්ගවලින් සමහරක් තේ වතු සහ වනාන්තර හරහා කෙටිමං ලෙස භාවිතා කරන දෘශ්‍යමාන අඩිපාරවලින් යුක්තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button