සැකකරුවෙකු හා සැකකාරියක් සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
පොලීසිය පවසන්නේ, පෞද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අලුත් වැඩියා කිරීම සඳහා එම දේපොළ හිමි සමාගමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවයි.
මෙම සැකකාර යුවළ විසින් ලබාගෙන ඇති මුදල රුපියල් 9,943,108.03ක් බව පොලීසිය පවසනවා.
එම වටිනාකමට ඉදිකිරීම් සිදු නොකර මෙම සැකකරුවන් විසින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පොලීසිය විසින් විමර්ශන කර තිබෙන බවයි වාර්තාවන්නේ.
එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් අංක 31,7, පැපිලියාන පාර, නැඳිමාල, දෙහිවල ලිපිනයේ ‘D marc solution (PVT) LTD’ නැමැති කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි හිමිකරුවන් ලෙසද කටයුතු කර ඇති බවයි.
සැකකරු 31 හැවිරිදි විග්නේස්වරන් ගනේෂන් වන බවත් සැකකාරිය 36 හැවිරිදි රේවල් නිරෝෂනි රාජරත්නම් ලෙසත් පොලිස් පරික්ෂණ අනුව හඳුනාගෙන තිබෙනවා.
පොලීසිය ඉල්ලා සිටින්නේ, ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේ නම්, විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති – 071 – 8137373 හෝ 011 2852556 වෙත දැනුම් දෙන ලෙසයි.