දේශීය

ජනපති ගමන් කළ හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන්කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණයක් වෙත ගොඩබස්වා තිබෙනවා.

මෙලෙස හෙලිකොප්ටර් යානය ගොඩබස්වා ඇත්තේ වැල්ලවාය බුදුරුවගල පාසලේ ක්‍රීඩාංගණයටයි.

නොසිතූ ලෙස වෙනස්වූ කාලගුණික තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් යානය මෙලෙස හදිසියේම ගොඩබස්වා තිබේන බවයි වාර්තාවන්නේ.

ජනපති වැලිමඩ දක්වා ගමන්කරමින් සිටියදී මෙලෙස එම යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණය වෙත ගොඩබස්වා තිබෙනවා.

අනතුරුව වෙනත් වාහනයක් පාසල වෙත පැමිණෙන තෙක් පාසලේ රැඳී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button