දේශීය
ලෝ ප්‍රකට අපේ ‘සිලෝන් – ටී’ කල මහා ජාවාරම

මහා පරිමාණයෙන් දිගු කලෙක සිට පවත්වාගෙන ගිය කසල තේ ගබඩාවක් වටලා පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) දින මහනුවර, දවුලගල පොලිස් වසමේ , කැටකුඹුර, ලීමගහකොටුව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ ග්‍රෑම් 6,652 ගබඩා කරගෙන සිටි ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පොල තේ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.