දේශීය

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මාසයේදී

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේදී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් ලබාදී අවසන් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ සඳහා මේ වන විට 3000ක් පමණවූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා ඇති බවයි.

නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ, වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ”අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව පැවති රැස්වීමකට එක් වෙමින්.

එමෙන්ම පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පවත්වා ඉන් පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button