දේශීය

උතුරු පළාතේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම සංකේත වැඩවර්ජ‍න ක්‍රියාමාර්ගය ඊයේ (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාමත්මක කරනු ලැබුවා.

ඒ අනුව, අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ, බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button