විශේෂාංග

ගාල්ලේ පැරණිතම පාසල සිය 180 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ගාල්ල නගරයේ පැරණිතම පාසල වන ගාල්ල ඕල්සෙන්ස් විද්‍යාලයට වසර 180 පිරිම නිමිත්තෙන් එය අභිමාන්විතව සැමරීමට විද්‍යාලයේ අදී සිසුවන් විසින්සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් සැණකෙළියක් සුදානම් කර තිබෙනවා. මෙම සැණකෙළිය සදහා ලංකාවේ දැවැන්ත සංගීත කණ්ඩායම් කිහිපයක් සහ ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි. නොවැම්බර් මස 8වෙනිදා සිට 12 වෙනිදා දක්වා Night_Of Heritage සැණකෙළිය ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි සියලු කටයුතු සුදානම් කර ඇත්තේ.

ඕල්සෙන්ස් විද්‍යාලය අභිමානයෙන් ඉදිරිපත් කරන මෙම සැණකෙළියේ මුල් පියවර ලෙස ප්‍රවේශපත් එලිදැක්විමේ උත්සවය විද්‍යාලයේ ආදි සිසුන්ගේ ප්‍රදානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. මේ සදහා විද්‍යාලයේ විදුහල්පති තුමන් ඇතුලු විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුණා.

Night_Of Heritage සැණකෙළියේ වෙබ් ප්‍රවෘත්ති සහකරු ලෙස News 19 පෙනී සිටිනවා.
අපිත් ඔබට ආරාධනා කරනවා ගාල්ල ඕල්සෙන්ස් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම සැණකෙළිය සදහා පැමිණෙන ලෙස.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button