දේශීය

තුවාල සහිත කාන්තා මළ සිරුරක් රෝහලකින් හමුවෙලා

සූරියවැව රෝහලෙන් සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තාවන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාලවී ඇති අතර දකුණු කනෙන් ලේ වහනයවී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බව පොලීසිය පවසනවා.

මේ අතර පොළොන්නරුව දුම්රියපොල අසල පිහිටි පොදු ළිදෙහි පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය සඳහන් කරනවා.

මරණකරුගේ අනන්‍යතාව මේවන තෙක් හඳුනාගෙන නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබෙන බවටයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button