ගංවතුර තත්ත්වයක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

කළුගඟ සහ කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ප්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ටද අවදානයෙන් පසුවන ලෙසයි.
පසුගිය පැය 24 තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුලේ ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ඉදිරි පැය 24 තුළ දී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව අද (08) සවස් කාලයේ සිට නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව එම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
වයඹ සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.