ක්‍රීඩා
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන තුන්වන තරගය අද (16) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩ්ස්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරඟ දෙකම පරාජයට පත්වූ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් දසුන් ශානකට මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුවේ, ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න කැඳවීමටයි.