විශේෂාංග
ගෝලීය ඩෙංගු වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්

මෙම දශකය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශය, දකුණු යුරෝපය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු උණ නවතම තර්ජනයක්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඩෙංගු උණ කාලයක් පුරා ආසියාව සහ ලතින් ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල වසංගතයක්වී ඇති අතර, වාර්ෂිකව විසි දහසක් මියයන බවට වාර්තාවී තිබෙනවා.
ජගත් සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, 2000 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගය ගෝලීයව අට ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඊට හේතුව කාලගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් බවටයි.
2022 වසරේ පමණක් ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 4.2 ක් වාර්තාවී ඇති අතර, මේ වසරේ වාර්තාගත ඩෙංගු ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.