ක්‍රීඩා

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි.

දිල්ලිහි දී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ, ටෙම්බා බවූමා විසිනි.

ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වනවා.

මේ අතර, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ක්‍රීඩා කළ පෙරහුරු තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button