පාස්කු ඉරිදා ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ – ජනපති

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ “Deutsche Welle” හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.
එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා තරමක් අවේගශීලිව පිළිතුරු ලබාදුන් අතර එහිදී ඔහු අවධාරණය කළේ, කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බවයි.
එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවලට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කරනු ලැබුවා.
පරීක්ෂණ සිදුකරනු ලබන්නේ, ශ්‍රී ලාංකිකයින් පමණක් යොදාගෙන බව සදහන් කළ ජනාධිපතිවරයා කතෝලික රදගුරු සම්මේලනයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේද යන්න පිළිබඳව මාධ්‍යවේදීයාගෙන් විමසා සිටියා.
එහිදී ඩොයිෂ් වෙල් මාධ්‍යවේදීයා පැවසුවේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.
එසේ නම් ඔබට මෙම ප්‍රශ්න ඇසීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළා.