ශ්‍රී ලංකාවේ පූර්ණ අර්ථික ස්ථාවරත්වයක් තවමත් පෙන්නුම් කර නැහැ – IMF

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පවසනවා.
එහි ප්‍රධානියා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.
මෙරටට අනුමත කරඇති විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරික නිදහස් කිරීම, විදෙස් ණය හිමියන් සමග ඇතිකරගන්නා එකඟතා හා එකඟ වී ඇති ප්‍රතිපත්ති මත රඳා පවතින බවද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිලියන 1.5 ක් දක්වා වැඩි වී ඇති බවත්, උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා ප්‍රකාශ කළා.
මේ අතර, මෙම වසරේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 3.1%කින් අඩුවීම සහ පිළිගත් ආර්ථික දර්ශක ධනාත්මක සහ සෘණාත්මක ප්‍රතිචාර මිශ්‍රව ලබා දීම නිසා ආර්ථික වර්ධනය යටපත් වී ඇති බවත් ඔහු සදහන් කළා.