කලා

‘A Vision for a new Sri Lanka’ කෘතිය එළිදක්වයි

උදිත දේවප්‍රිය මහතා විසින් රචනා කරන ලද Factum Foreign Policy ReviewA Vision for a new Sri Lanka ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (19) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පැවැත්වුණා.

මෙහිදී  කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා එම විසින් කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත පිළිගන්වා ඇති බව වාර්තා වෙනවා.

මෙම අවස්ථාවට වැඩබලන විදේශ අමාත්‍ය තාරක බාලසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු අමාත්‍ය සරත් අමුණුගම, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, Factum හි අධ්‍යක්ෂ සහ උපදේශක ආචාර්ය රංග කලංසූරිය ඇතුළු විදෙස් තානාපතිවරු පිරිසක්ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button