මිනිස් මොළයට පරිගණක චිපයක්

ලොව ධනවත්ම මිනිසා වන ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ගේ නවෝත්පාදන සමාගම නියුරලින්ක්, දැන් නව අදියරයකට පිවිස ඇති බව වාර්තා වනවා.
ඒ අංශභාගයෙන් අප්‍රාණිකව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමිවීමත් සමඟයි.
මිනිස් මොළයට ආගන්තුක කෘත්‍රීම මෙවලමක් සවිකිරීමේ අවදානම හේතුවෙන් ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැහැ.
නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගිවීමට සුදුසුකම් ලබන්නේ, කොඳුඇට පෙළට සිදුවූ හානියකින් අප්රාණිකවූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ටයි.
එම අධ්‍යයනය සම්පූර්ණ කිරීමට වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කරන බවත්, අධ්‍යයනය සඳහා තෝරාගන්නා රෝගීන්ගේ මොළයේ චලනයන් පාලනය කිරීමේ කලාපයේ නියුරලින්ක් පරිගණක චිපය ස්ථානගත කරනු ලබන්නේ රොබෝවක් ආධාරයෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.
මුලින්ම උත්සාහ කෙරෙනු ඇත්තේ, එම රෝගීන්ට සිතිවිල්ලකින් පමණක් පරිගණකයේ කර්සර් එක හෝ කී බෝඩ් එක හැසිරවිය හැකිදැයි සොයාබැලීම සඳහා බව වාර්තා වනවා.
මෙම අධ්‍යයනය සාර්ථක වුවත් නියුරලිනික් පරිගණක චිප් මිනිස් මොළයට බද්ධකොට අප්‍රාණික වුවත් පණ ගැන්වීම සඳහා වාණිජමය වශයෙන් යොදාගැනීමට තවත් වසර 10ක් පමණ ගතවනු ඇතිබව ඔවුන් පෙන්වා දෙනවා.