දේශීය

ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට දිවි හිමියෙන් කටයුතු කරනවා – ක්‍රිෂාන්ත කපුවත්ත

ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (11) කැඳවා තිබෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,

“ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට අපි දිවි හිමියෙන් කටයුතු කරනවා. ඒක කරන්න ඇමතිටත් ආරාධනා කරනවා. මේ ප්‍රශ්නය මෙතැනින් සමථයකට පත් කරගන්න. සභාපති ලබන සතියේ ඒ රැස්වීමට යනවා. ඒක සාර්ථක වෙයි කියලා හිතනවා.”

“දැන් මේකෙන් වෙන්නේ 19න් පහළ ලෝක තරගාවලියට යන්න බැරි වෙන එක. ලංකා සත්කාරකත්වය නැති වෙන එකයි. ජනවාරි පවත්වන්න තිබ්බ ක්‍රිකට් වසන්තය කඩාකප්පල් වෙලා.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කිරීම ඊයේ ගත් හදිසි තීරණයක් නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි නිලධාරීන් සඳහන් කළේ, පසුගිය වසරේ සිටම ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් හිට ගත් තීරණයක් බවත්, සිදුවූ දේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද දැඩි ලෙස කනගාටුවට පත්වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button