දේශීය
හිතුනොත් ආයෙමත් ගොඩනැගිලි අල්ලගන්නවා..! – අන්තරේ

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කරනවා.
සිදුකර ඇත්තේ අරගලයේ මාදිලිය වෙනස් කිරීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව හෙටින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පලවා හරින්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා මුද්‍රණය කරමින් ගමක් ගමක් ගානේ පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.
මර්දනය යොදවමින් සෙල්ලම් නොදමන ලෙස අනතුරු හඟවන බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රජයට වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.