වික්ටෝරියා සීක්රට් දැන්වීමකට ප්‍රථම වතාවට ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය සහිත තරුණියක්

විසි හතර හැවිරිදි නිරූපිකාවක් වන සොෆියා ජිරාවු (Sofia Jirau), ලොව සුප්‍රකට නිමි ඇඳුම් සන්නාමයක් වන වික්ටෝරියා සීක්රට් හි ප්‍රචාරණ දැන්වීම් ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රථම ඩවුන් සින්ඩ්‍රෝමය තත්ත්වය සහිත කාන්තාව බවට පත් වී තිබෙනවා.
Peetro Rican සිට පැමිණි ඇය මෙසේ තෝරාගෙන ඇත්තේ “all-day- comfort Love Cloud Collection” ලෙස නම් කරන ලද වික්ටෝරියා සීක්රට් නවතම නිෂ්පාදන එකතුව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
ඇය සමඟ තවත් නිරූපිකාවන් 17 දෙනෙකු මෙම දැන්වීමට දායකත්වය ලබා දී තිබෙනවා.
ඔවුන් සමේ වර්ණ, වයස, ශරීර ප්‍රමාණ, වෘත්තීය, වෘත්තිය නොවන ලෙස විවිධ තරාතිරම් නියෝජනය වන පරිදි තෝරාගෙන තිබීම විශේෂත්වයක්.
මෙම කණ්ඩායමට ප්‍රසිද්ධ නිරූපිකාවන්, ස්වදේශික කාන්තාවක්, ගිනි නිවනභට සාමාජිකාවක් මෙන්ම ගර්භනී කාන්තාවක් ද ඇතුළත්ව සිටිනවා.
2019 වසරේ දී වික්ටෝරියා සීක්රට් සන්නාමය වෙනුවෙන් පෙනී සිටි පළමු සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව වූ Velentina Sampaio ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙනවා.
මෙය සමාජයේ සෑම තරාතිරමකම කාන්තාවන් පිළිගැනීම වෙනුවෙන් වික්ටෝරියා සීක්රට් හි කැපවීම පෙන්නුම් කෙරෙන ප්‍රචාරණ උපායමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ.
ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙය වික්ටෝරියා සීක්රට් දශක ගණනාවක් තිස්සේ වගා කරනු ලැබූ ලිංගිකත්වය පිළිබඳ සරාගී පටු ප්‍රතිරූපය නැවත සකස් කිරීමට ගන්නා උත්සහයේ කොටසක් බවයි.