ක්‍රීඩා
වනිදු යළිත් අංක 1ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා 20 යි 20 වනිඳු හසරංග සමත්ව තිබෙනවා.
ඒ අනුව එහි සම පළමු ස්ථානය හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්.
3 වන ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී වන අතර ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වන ස්ථානයට පත්ව සිටිනවා.
20 යි 20 පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර පන්දු යවන්නන් අතර 2 වන ස්ථානය වනිඳු හසරංගට හිමිව තිබෙනවා.
එහි පෙරමුණේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක උස්මාන් රෂීඩ්.