දේශීය

ඩුබායි​හි ලාංකිකයින් දෙදෙනෙකු එකව​ර මිය ගිහි​න්

ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

මෙලෙ​ස මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව කිරිවැල්කැළේ එස්. එම්. ජී. වත්ත පදිංචි G.M සඳුන් මධුසංක නැමති  28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල්වත්ත අංක 343 පදිංචි මොහන්දිරම්ලාගේ රමේෂ් උදාර තිළිණ නැමති 42 හැවරිදි දෙදරු පියෙක්.

මෙම පුද්ගලයින් මීට  වසර හතරකට සහ දෙකකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඒජන්සියකින් ඩුබායි රටේ රැකියාවකට ගොස් ඇති බව ඥාතීන් පවසනවා.

ඔවු​න් සෑම දිනකම සිය ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇති බවත්  මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා තිබෙනවා.

එරට රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලට ඇතුලත් කීරීමෙන් පසු පසුගිය 30 වැනිදා මරණයට පත්ව ඇති බවයි.

මෙම මරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත්ව මෙරටට මෘත ශරීර ගෙන්වා විධිමත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා මරණවලට හේතු සොයා දෙන ලෙස ඥාතීන් පවසනවා.

මෘතශරීර මෙරටට ගෙන්වා ගැනීමට එක් මෘත ශරීරයක් සඳහා රුපියල් ලක්ෂ 12ට අධික මුදලක් වැයවන බවත් ඒසා විශෘල මුදලක් සිය ඥාතීන්ට වැය කිරීමට නොහැකි බවත් මේ සමබන්ධයෙන් රජයෙන් සහනයක් ලබා දෙන ලෙසටත් ඥාතීන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් විදේ​ශ කටයුතු අමාත්‍යංශ​යේ බළධාරීන් ප්‍රකාශ කර සිටියේ, නීත්‍යානුකූල ලෙස විදෙස්ගතව සිටියදී එම රට තුළ මරණයක් සිදුවුවහොත් විදෙස් කටයුතු අමාත්‍යංශය මගින් යම් ප්‍රමාණයක් මුදලක් මෙරටට ගෙන ඒමට ලබාදෙන බවත් මෘත ශරීර සම්බන්ධයෙන් අදාල වෛද්‍ය පරීක්ෂණ පශ්චාත් මරණ පරීක්ෂ සිදු කිරීමටද කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button