විදෙස්

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ නෙවාඩාහි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනයේදී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ගුවන් යානා සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව, විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button