දේශීය

තවත් නාඳුනන මළ සිරුරු දෙකක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) පස්වරුවේ හමුවී  තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර මෙතෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නැති බවයි.

මේ අතර රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ පාවෙමින් තිබු අත්පා ගැට ගසන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (18) රාත්‍රි ගොඩට ගත් බව රත්ගම පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපිනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

කලපුවෙ මළ සිරුරක් පාවෙන බවට ලැබුන පණිවුඩයක් අනුව පොලිස් නිලධාරින් ගොස් මළ සිරුර ගොඩට ගෙන ආදාහනාගරය අසල තබා තිබෙනවා.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය හෙට සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button