සාමාන්‍ය පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
භාරකරුවන් පවසා ඇත්තේ, අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි.
ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලෙහි සඳහන්.
ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති අතර, ඉන් මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවයි.
අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නෙ.