සිංහ බංගලි ටෙස් සටනෙ අවසන් දිනය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟයේ අවසන් දිනය අද (03) පැවැත්වෙනවා.
තරඟයේ වැඩි ගෞරව හිමිකර ගනිමින් පන්දු යැවීම සඳහා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 267ට කඩුලු 07ක් දැවී අසීරු තත්ත්වයක පසුවනවා.
කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී යමින් පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කළේ, කිසිදු ක්‍රීඩකයෙකු ශතකයක් ලබා නොගනිමින් ඉනිමකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු පුවරුව නිර්මාණය කරමින්.
එහි දී කමිදු මෙන්ඩිස් නැවතත් සාර්ථක ඉනිමක් දියත් කරමින් ලකුණු 92ක් ද ඊට නොදෙවෙනි වෙමින් නායක ධනංජය සිල්වා ලකුණු 70ක් ද, කුසල් මෙන්ඩිස් වටිනා ලකුණු 93ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 86ක් ද, නිෂාන් මධුෂ්ක ලකුණු 57ක් ද හා දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක් ද වශයෙන් ලබා ගත්තා.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන්, කලකට පසු සිය කණ්ඩායම හා එක් වූ පළපුරුදු ක්‍රීඩක ශකීබ් අල් හසන් ලකුණු 3ක් ද, නවක ක්‍රීඩක හසන් මහමුද් කඩුලු 2ක් ද බිඳ දැමුවා.
කෙසේ නමුත් යළිත් ලකුණු 500කට වැඩි ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිම තුනකට පසු ලකුණු 200 සීමාව පසු කිරීමට සමත්වී සිටිනවා.
නමුත් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට හෝ ජය පැරදුමකින් තොරව නිමා කිරීමට බංග්ලාදේශය මේ වන විට කඩුලු 7කට ලකුණු 268ක් ලබාගෙන සිටින්නේ අසීරු තත්ත්වයකයි.