දේශීය

රන්ජන්ට සමාව දෙන්න නම්, මුලින් එයා කණගාටුවෙලා ඉන්න ඕනේ – අධිකරණ ඇමති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත්කර ඇති බව අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

නමුත් ඔහු පවසන්නේ ඒ සඳහා කොන්දේසියක් පනවා ඇති බවයි.

ඒ ජනාධිපති සමාව ලබාදීමට නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔහු කළ ප්‍රකාශය පිළිබදව රන්ජන් රාමනායක මහතා කණගාටුව පලකල යුතු බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් නීතිපති වරයාගේ උපදෙස් ද ලබා ගත් බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button