දේශීය
මෙරට දවසකට මුඛ පිළිකා මරණ තුනක්
මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසනවා.
වෛද්‍යවරයා පවසන්නේ, දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බවයි.
විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මේ බව කියා සිටියේ, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.
මෙරට වයස අවුරුදු 05 දරුවන්ගෙන් 63% කගේ දත් දිරාගොස් ඇති බවද ඔහු එහිදී පෙන්වාදෙනවා.
කුඩා දරුවන්ගෙන් බහුතරය රාත්‍රී නින්දට පෙර දත්මැදීම සිදුනොකරන බවට පාසල් සෞඛ්‍ය සමීක්ෂණවලදී අනාවරණ වී ඇති බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.