දේශීය
ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා – සෞඛ්‍ය අංශය

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
ඔහු පවසන්නේ, මේ සම්බන්ධයෙන් පැවරූ නඩුවකදී ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම එම එන්නතේ සංකූලතා අඩු බව පිළිගත් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවයි.
කෙසේවෙතත් මෙම සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බැවින් එහි අහිතකර බලපෑමක් ඇති නොවන බවද ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.