දේශීය
ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් මේ අයවැයේ නෑ- අනුර කුමාර දිසානායක

රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) ප්‍රකාශ කර තිබෙනවා.
අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
අය-වැයේ මුල් කොටස පාපෝච්ඡාරණයකින් සමන්විතවූ බවත් එමඟින් අවුරුදු 75ක කාලයක් කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත්වී ලබාගත් ප්‍රතිඵලය ගැන කතා කළ බවත් ඔහු සඳහන් කළා.
එයින් මිදීමට අවශ්‍ය බව කියමින් නැවතත් යෝජනා කර ඇත්තේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම සහ විකිණීම යන පැරණි ක්‍රියාවලියම බවද අනුර කුමාර දිසානායක මහතා පවසනවා.