දේශීය
බස් ගාස්තු සංශෝධනයක් නැහැ

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තුවේ අඩුවක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපතිවරයා කියා සිටියේ ඩීසල් ලීටරයක මිල රුපියල් 307 ක සීමාවට පැමිණියහොත් පමණක් බස් ගාස්තු අඩු කළ හැකි බවයි.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල 4% ක මට්ටමකින් අඩු වුවහොත් පමණක් ගාස්තු අඩු කළ හැකි බවත්, මෙවර ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රතිශතය 2.8% ක් බවත්, ඔහු කියා සිටියා.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින් අඩු කෙරුණු අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317 ක් ලෙසයි.
මේ අතර බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් ද සඳහන් කළේ ඉන්ධන මිල අඩුවුවද සිය ගාස්තු අඩුකිරීමක් සිදු නොකරන බවයි.