දේශීය

පොලීසියට පිහියෙන් ඇන වෙඩි තැබූ සැකකරුවන් දැලේ

ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට පහරදී පිහි පහරක් එල්ල කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ඒකකයක් සමත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ, සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව ජීවඅත්බෝම්බයක්ද තිබූ බවයි.

එමෙන්ම තුවාළ ලැබූ නිලධාරීන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහිදී වැඩිදුරටත් වාර්තාවන්නේ, රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ත්‍රීරෝද රථයේ සිටි පිරිස දුරකතනයෙන් වෙනත් අයද ගෙන්වාගෙන පොලිසියට පහරදී තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button