දේශීය

මාවතගම පොලීසියේ පොලිස් පොතේ නැති අමුතු දඩය

වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වාදී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකීමට මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් පෙට්‍රල් ලීටරයක් ඉල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතිනවා.

මෙම සිද්ධියට මුහුණපෑ බව කියන පුද්ගලයා විසින් ඔහුගේ නමද සඳහන් කර මේබව සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි සඳහන්වන්නේ.

ඉකුත් 17වෙනිදා මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ සිට සිය දරුවන්ද සමඟ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගොස් ආපසු එමින් සිටියදී මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් නතර කළ බව එම පුද්ගලයා සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරු වල සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button