දේශීය

විදුලිබල මණ්ඩලය ජනතාව ගසා කනවා – පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල

විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් 11 දින කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී.

එජිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“විදුලි බිල නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. මිත්‍රවරුනේ විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතු කියන එක අපි පිළිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද? විදුලිබල මණ්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි”.

“පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව, පසුගිය මාස දෙකේ පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා, ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කරේ. පෑව්ව බවත් ඇත්තයි. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වෙනවිට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා. ඊයේ දිනයේ වන විට ප්‍රධාන විදුලි ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙමනං ඒ වෙච්ච පාඩුව මේ වෙනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button