දේශීය

විමල්ට එරෙහි පාස්පෝට් නඩුව පළිගැනීමට දාපු එකක්

විමල් වීරවංශ මහතාට එරෙහිව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නඩු පවරා ඇත්තේ කිසි පැමිණිල්ලක් හෝ නිසි සාක්‍ෂි නොමැතිව ලෙසත් මේ දෙස බැලීමේදී ඔහුගෙන් පළිගැනීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස පැවරූ නඩුවක් බව සක්සුදක් ලෙස පැහැදිලි යනුවෙන් විමල් වීරවංශ මහතාගේ විත්තියේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඊයේ (10) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා හමුවේ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔහු විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් එලෙස පැවසුවේ, අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ආධාරයෙන් විදේශගතවීමට තැත් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ විත්තිය වෙනුවෙන් දේශනය ඉදිරිපත් කරමින්.

මෙහිදී ලිඛිතව සහ වාචිකව සිය දේශනය ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැක්වූ අදහස්,

“මෙම නඩුව 2015 සිට වසර 7 කට අධික කාලයක් විභාග වුණා. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ඉදිරිපත් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාක්‍ෂි ඉදිරිපත් කරමින් පැවසුවේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක නීත්‍යානුකූල වීසා තිබුණත් ඒ සමග වලංගු විදේශ ගමන් බලපත්‍රයක්ද ඉදිරිපත් කළ නිසා ඔහුට විදේශගතවීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි” මේ අනුව මෙම නඩුවට දේශපාලන පසුබිමක් තිබුණා දැයි සාධාරණ සැකයක් ඇති වෙනවා.

මේ අනුව විමල් වීරවංශ මහතාට අපරාධ චෝදනාවක් එල්ලවී නැහැ. ඔහු නිදොස්කොට නිදහස් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා යැයි ජනාධිපති නීතිඥවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button