ආසියානු කුසලානය අහිමිවීම ගැන විපක්ෂයත් පරීක්ෂණයක් ඉල්ලයි

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදි ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඉල්ලා තිබෙනවා.
ඒ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 50ක වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට අවසන් මහා තරඟයකදී දැවීයාම පිළිබද ප්‍රේක්ෂකයින් සහ සමාජ මාධ්‍ය තුළ සිදුවූ ප්‍රශ්ණ කිරිම්වලට ප්‍රතිචාර දක්වමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ට වඩා හුරුපුරුදු කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි මෙලෙස අන්ත පරාජයක් ලක්වීම බොහෝ දෙනා තුළ සැකයක් මතු වන්නට හේතු වී තිබෙනවා.
ප්‍රවේශපත්‍රයක් මිලදි ගෙන ක්‍රිඩාංගනයට පැමිණි තරඟ නරඹන්නන් මෙන්ම අනෙකුත් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුද ඉකුත් දින (17) සිහිනයක් බවට පත්වූයේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්.
ඉතා දුර්වල ක්‍රිඩා විලාශයක් පෙන්නුම් කිරිම තුළ මතුවූ සැකය හමුවේ අවසන් මහා තරඟයේදි පවාදිමක් සිදුවූයේ දැයි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස,දුෂණ, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් පොලිස් මුලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.