දේශීය

වැඩි කළ වතු කම්කරු වැටුප තවම ලැබිලා නෑ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉකුත් මස 21 වැනිදා සිට තේ වතු සමාගම්වලට ගෙවන ලෙසට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇතත්, එම වැටුප තවමත් මාසික වැටුපට එක් කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.

වතු වෘත්තිය සමිති නායකයින් කියා සිටින්නේ, රජය මගින් නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියද, එම අතුරු තහනම් නියෝගය අභියචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරිම නිසා තේ වතු සමාගම් විසින් ඉකුත් මස 21 වැනිදා සිට එම වැටුප වතු කම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

තේ වතු සමාගම් වල උසස් නිලධාරින් පවසන්නේ, වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට තේ වතු සමාගම්වලට වාර්ෂිකව රුපියල් බිලියන 48ක් අමතර පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවයි.

තේ නිෂ්පාදනය සදහා වැය වන අධික පිරිවැය හේතුවෙන් එම අමතර පිරිවැය වැටුප තේ වතු සමාගම්වලට දරාගත නොහැකි බව ද ඔවුන් කියා සිටියා.

එමෙන්ම, උඩරට තේ වතු සමාගම් වල වතු අධිකාරිවරුන් සඳහන් කළේ, මාතලේ ප්‍රදේශයේ රජයට අනුබද්ධ තේ වතු සමාගමක් විසින් මේ මස 10 වැනිදා වතු කම්කරුවෙකුට රුපියල් 1700 වැටුප ගෙවා ඇති බවත්, එම වැටුප ගෙවිමට මහ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදි ඇති බවයි.

වතු සමාගම විසින් එම වතු සමාගමේ සේවය කරන වතු කම්කරුවන්ට වසර 15ක පමණ කාලයක් EPF සහ ETF මුදල් ගෙවා නොමැති බවද එම නිලධාරින් පවසනවා.

කෙසේ වෙතත්, රජයෙන් වතු කම්කරුවන්ට වැඩිකල නව වැටුප් ගෙවිම සම්බන්ධයෙන් වතු සමාගම් දැඩි අර්බුධයකට පත් වි ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button