දේශීය

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසුව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව අවධාරණය කළා.

ඒ මහතා මේ බ​ව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ​දී සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බවයි.

කෙසේවෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන බවද වෘත්තීය සමිති සමාජිකයන් වැඩිදුරටත් පැවසුවා.

View Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button