හිටපු නීතිපති අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9.00 ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
2021 වසරේ මැයි මස 17 වැනි දා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.අයි.එස් ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි ඔහු එහිදී කියා සිටියා.
දප්පුල ද ලිවේරා මහතා පෙන්වා දුන්නේ, මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවයි.