දේශීය
දරුවන් ඝාතනය කිරීමට තැත්කළ පියා අත්අඩංගුවට

දරුවන් දෙදෙනාට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමට තැත් කළ පියෙකු පූඩලුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූඩලු ඔය ,හැරෝවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එකොළොස් හැවිරිදි හා අට හැවිරිදි දරුවන් දෙදෙනාට මෙලෙස ආහාරවලට වස මිශ්‍ර කර ඔහුද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත්කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම අපරාධය සිදු කිරීමට හේතු වී ඇත්තේ ඔහුගේ බිරිඳ ආරවුලක් මත නිවසෙන් පිටව කොළඹ ප්‍රදේශයට පිටත්ව යාම බවත් මීට පෙරද සැමියාගේ බීමත්කම හේතුවෙන් ආරවුල් ඇතිකරගෙන බිරිඳ නිවසෙන් මෙලෙස පිටව ගොස් ඇති බවටයි.
පොලිසීය පවසන්නේ,දරුවන් දෙදෙනා සහ පියා මේ වන විට ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.