දේශීය
පුතාගේ ආරවුලට මැදිවූ පියා මරුට

දෙපාර්ශ්වයක් අතර ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හෙට්ටිපොල පොලිස් වසමේ පිහිබිය රත්මලේ ප්‍රදේශයේ ඊයේ (06) සවස් කාලයේදී මෙම ගැටුම හටගෙන තිබුණා.
පහරකෑමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා වන අතර මියගිය පුද්ගලයාගේ පුතා සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.