දේශීය

අවුරුදු 13ක දැරියක් දූෂණය කළ මවගේ අනියම් සැමියා

මුළුතැන් ගෙය තුළ මවගේ අත් පා බැඳ දමා 13 හැවිරිදි දියණිය කාමරයකට ඇදගෙන ගොස් දූෂණය කළ පුද්ගලයකු ඊයේ (09) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ, අදාළ පුද්ගලයා එම මව සමඟ අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා බීමතින් නිවසට පැමිණ මුළුතැන්ගේ තුළ තමන් බැඳ දමා, තම දියණිය කාමරයකට ඇදගෙන ගොස් දූෂණය කළ බවට මව විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීය සඳහන් කළා.

කෙසේවෙතත් දූෂණයට ලක්වු බව පවස​න බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button