දේශීය

සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේකාලය දීර්ඝ කෙරේ

සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය මෙම මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත ඊයේ (31) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු එහි කාලය මෙලෙස දීර්ඝ කළ බවයි.

සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණ කටයුතුවල නිරත නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ හිංසාවන්ට එරෙහිව කටයුතු කරන්නැයි පොලීසියට උපදෙස් දුන් බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, සුබ සාධක ප්‍රතිලාභ පනත අනුව එම පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button