පාකිස්තානයේ පවතින ආපදා තත්වයෙන් මියගිය ගණන ඉහළට

මෙම මස ආරම්භයේ සිට පාකිස්තානයේ කලාප රැසකින් වාර්තා වන අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 87ක් දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කයිබර් පක්තුන්ක්වා පළාතෙන් බවයි.
දරුණු ජල ගැලීම් ආශ්‍රිත අනතුරු සහ අකුණුසැර වැඳීම බහුතර මරණ සංඛ්‍යාවකට හේතුවී තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට පාකිස්තානය පුරා නිවාස 3,000කට ආසන්න සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශවී ඇති බවයි.
පාකිස්තාන කාලගුණ අංශ පුරෝකථනය කරන්නේ, ඉදිරි සතියේදීත් අධික වැසි සහිත අයහපත් කාලගුණයක් වාර්තාවිය හැකි බවයි.
මේ අතර පාකිස්තානයට අසල්වැසි ඇෆ්ගනිස්තානයෙන් ද මෙවැනිම කාලගුණික තත්ත්වයක් වාර්තාවනවා.
දෙරටේම සිදුව ඇති මරණ සංඛ්‍යාව 135ක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්වන්නේ.