වෘත්තීය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡා අද

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ, මේ සඳහා විවිධ පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සමිති, සමාජ හා සිවිල් සංවිධාන මෙන්ම ශිෂ්‍ය සංවිධාන ද එක් වන බවයි.
නව බදු සංශෝධන හා ත්‍රස්ත පනත ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.
ඒ, වෘත්තීයවේදීන්ට තවමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් නොලැබුණු පසුබිමක් තුළයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ අද පස්වරු 3.00ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල අචාර්ය සමිත සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන අතර, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුවන් විදෙස්ගත වීම හේතුවෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, නව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් බදවා ගැනීම මහා භාණ්ඩාගාරයෙන් අවසර ලැබීමත් සමග සිදුකරන බවයි.