දේශීය

කතලුව පාලම අසල දියනෑමට ගොස් අතුරුදන්වූ සිසුවාගේ සිරුර සොයා ගනියි

හබරාදුව – කතලුව පාලම අසල දිය නාමින් සිටියදී දියවැලකට ගසාගෙන ගිය සිසුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වරකාපොල – ගණිතපුර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

ඔහුගේ සිරුර කතලුව පාලම අසල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදීයි අද (30) පෙරවරුවේ සොයා ගනු ලැබුවා.

ඊයේ පස්වරුවේ විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසකගෙන් සිසුන් දෙදෙනෙකු කතලුව මුහුදු තීරය ආසන්නයේ දියනෑමට ගොස් සිටියදී දියවැලකට හසුව තිබුණා.

එහිදී ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එක් සිසුවෙකුගේ දිවි බේරාගෙන තිබූ අතර අනෙක් සිසුවා දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button