දේශීය

හිටපු ජනපතිගේ පැමිණීම කල් යයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව සති දෙකකින් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇතැයි රොයිටර්ස් පුවත්සේවය වාර්තා කළා.

ඔහු පැමිණෙන දිනය තීරණය වන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා විධිවිධාන මත බව එම වාර්තාවේ දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වනදා මෙරටින් පිටව ගිය අතර ඉන් දිනකට පසුව ජනාධිපතිධුරයෙන් සිය ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයාට දැන්විය.

පළමුව මාලදිවයිනට ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 14 වනදා සිංගප්පුරුවට ගිය අතර ඔහු මේ වනවිට තායිලන්තයේ රැඳී සිටියි.

“ඔහු අනිවාර්යෙන්ම නැවත පැමිණීමට කැමැත්තෙන් ඉන්නේ. නමුත් ඔහුගේ ආරක්ෂාව තමයි ප්‍රධාන ගැටලුව. බුද්ධි අංශ උපදෙස් දීලා තිබෙනවා, නැවත පැමිණීම පමා කරන්න කියලා,” රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත්සේවය වාර්තා කළා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට දින කිහිපයකට පෙර පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 24 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.

නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්නා තුරු ඔහුගේ පැමිණීම පමාකර ඇති බව අදාළ පුවත් වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button