වැඩබලන පොලිස්පතිගේ සේවා දිගුව දෙවන වරටත් ප්‍රතික්‍ෂේප කරයි

නිත්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට රජය මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණයවී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
පොලිස්පති තනතුර මේ වනවිට හෑල්ලුවී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට හේතුවනු ඇති බවයි තවදුරටත් සඳහන් කරන්නේ.
පොලිස් නිලධාරීන් පවසන්නේ, පොලිස්පති තනතුර මේ වනවිට රීලෝඩ් පොලිස්පති තනතුරක් බවට පත්ව ඇති බවයි.
මේ අතර වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම දෙවැනි වරටත් ප්‍රතික්‍ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර ඇති බව වාර්තාවනවා.
පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට ලබාදී තිබෙන සිව්වැනි සේවා දීර්ඝ කිරීමද ලබන 26 වැනිදා අවසන්වීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සුදුසුකම් ලබා සිටින බව සඳහන්.