දේශීය
අඩු අදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් දෙන්න සාකච්ඡා

අඩුආදායම්ලාභී පවුල්වල විදුලිබිල තුලනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා සිදු කර තිබෙනවා.
එම අමාත්‍යාංශයේ ඊයේ(18) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් පිළිබඳවද සංවාදයට බදුන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.