දේශීය

කළුතරදී පාසල් දැරියන් දෙදෙනෙකු පැහැරගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට

පාසල නිමවී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ පදිංචිකාරිණියක්.

පොලීසිය පවසන්නේ, සිසුවිය පැහැරගෙන යාමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති සැකකාර පාසල් සිසුවෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවිය පාසල නිමවී නිවස වෙත යමින් සිටියදී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී මෙලෙස පැහැරගෙනයාමට උත්සාහ දරා ඇති බවයි වාර්තාවන්නේ.

එය දුටු පාසල් සිසුවියගේ මිතුරියක් එම ස්ථානයට දිවවිත් ත්‍රිරෝද රථයට නැග තිබෙනවා.

අනතුරුව සැකකාර පාසල් සිසුවා විසින් තමන්ට පහරදීමෙන් අනතුරුව කළුතර කිතුලාව ප්‍රදේශයේ පිහිටි අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ නිවස වෙත රැගෙන ගිය බවත් පොලීසිය වෙත පවසා තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව සිසුවියන්ගේ පාසලේ විදුහල්පතිට සැළවීමත් සමග ඒ පිළිබඳව කළුතර දකුණ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මකවූ පොලීසිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි සඳහන්වන්නේ.

මෙහෙයුම අතරතුරදී ත්‍රිරෝද රථයකින් ගෙනවිත් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමාගොස් සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

පාසල් සිසුවියන් දෙදෙනා රෝහල්ගතකිරීමටත් සැකකාර ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button