දේශීය

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් සැකකරුවන්ට ඇප

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

එම සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලීසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button